අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Windows 10 Features]Windows 10 ගැන දැනගනිමු - SinhalaVersion

                                                        Windows 10





microsoft windows ඉතිහාසයේ පෙරළිකාර විප්ලවයක් කරමින් microsoft සමාගම විසින් Windows 10 නිකුත් කලා කියලා හැමෝම දන්නවනේ . හුගක් අය බලන් ඉන්නවා මේක පරිගණකයට දාගන්න . ඒත් ඒක තාම හරියට නිපදවලා නැහැ.සමහරු නම් දැන් ඕකේ Technical Previwe එක  පාවිච්චි කරනවා ඇති. ඒ කොහොම වුනත් මේක. ඇත්තටම Release වෙන්නේ මේ අවුරුද්ද්දේ මැදදී. ඒ වෙනකම් අපිට  බලන් ඉන්න වෙනවා. ඉතින් මම ලිපියක් අරගෙන ආවා මේකේ තියෙන අලුත් විශේෂාංග ගැන කියන්න. බලන්නකෝ මේකේ තියෙන අලුත් විශේෂාංග මොනවාද කියලා.


මුලින්ම කියන්න ඕනේ windows 10 සම්පූර්ණයෙන්ම නොමිලේ

 ඊළගට කියන්න තියෙන්නේ කලින් windows මෙහෙයුම් පද්දති වල තිබුන කරදරකාරී සහ එපාම කරපු internet explorer කියන වෙබ් browser එක සම්පූර්ණයෙන්ම windows 10 වලින් ඉවත් කරලා දාල තියෙනවා . ඒ වෙනුවට නවතම වෙබ් browser එකක් හදුන්වදීල තියෙනවා එකේ නම තමයි  Spartan මේ කියපු මේක google chrome, mozilla firefox ,safari වැනි නවතම වර්ගයේ web browser වලට අභියෝගයක් වෙන්න පුළුවන් තරම් හොද  Web Browser එකක් මේ windows 10 සමග නොමිලේම ලැබෙනවා.



දැන් කියන්න යන්නේ මේකත් එක්ක කථා කරලා අපේ වැඩ කරගන්න පුළුවන් කෙල්ලෙක් ලැබෙනවා .Halo කියන පරිගණක ක්‍රීඩාව කරපු අයට මතක ඇති එකේ හිටිය Cotana කියන කෘතීම බුද්ධිය.windows phone වලටත් ඔය කියන cotana හිටියා එත් ඒක පරිගණක වලට තිබුනේ නැනේ ඔන්න මේ සැරේ windows 10 එක්ක ඔය කියන cotanaත් පරිගණකයට එනවා .මේ කියන cotana ඉතා සුක්ෂම බුද්ධියකින් සමන්විත වෙලා ඉන්නේ ඔයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වගේම ඔයාගේ වැඩ කරදෙන්නත් මේ කියපු cotana ලෑස්ති වෙලා ඉන්නවා.



windows 7 වල වගේ start මෙනු එකක් එනවා හබැයි ඒක ඇතුලේ තමයි windows 8.1 වල වගේ metro ui තිරය තියෙන්නේ. window 8 8.1 වල තිබුන දෙපැත්තෙන් එන charm bar කියන ඒවත් ඉවත් කරලා තියෙනවා.මේකේ virtual dekstop පසුකම තියෙනවා windows 7 වල වගේ windows key එකයි tab key එකයි තද කරලා ගන්න පුළුවන් virtual dekstop පහසුකමක් හදුන්වදීල තියෙනවා.



windows 10 එක්ක තව නිපැයුමක් එළි දැක්කා ඒ තමයි holo lense කියන කණ්ණාඩිය . මේකට උදාහරණයක්‌ විදිහට දෙන්න පුළුවන් iron man චිත්‍රපටිය එකේ මතකද iron man monitor එකෙන් ඉවතට පරිගණක තිරය අරගෙන තියෙනවා.මේ කණ්ණාඩිය දාගත්තහම ඒ වගේ තමයි අපේ windows 10 තිරය පරිගණකයෙන් ඉවතට අරගෙන වැඩ ටික කරගෙන යන්න පුළුවන් .



මේ windows 10 xbox ,windows phone,laptop,pc යන සියල්ලටම නිකුත් කිරීමට microsoft සමාගම තීරණය කර තිබෙනවා.


හැබැයි අන්තිමට තියෙන කියන්න තියෙන  කණගාටුව තමයි windows 10 කියන්නේ windows පරපුරෙන් බිහිවන අවසාන සාමාජිකයා වෙන්නේ ඊට පස්සේ windows නමින් කිසිදු මෙහෙයුම් පද්දතියක් නිකුත් නොවන බව microsoft සමාගම තහවුරු කරලා තියෙනවා . මතක තියාගන්න අපිට 21 වෙනි සියවසේ තාක්ෂණික අත්දැකීමක්  මේ windows 10 වලින් ලබා ගන්න පුළුවන් කියලා
                    

             

මේක නිකුත් වුන ගමන්ම අපි ඕගොල්ලන්ට ලබාදීමට කටයුතු කරනවා.  










 
Share on Google Plus

0 comments: