අලුත් අලුත් දේ දැනගන්න අපිත් එක්ක රැදෙන්න sinhalaversion.blogspot.com

[Windows 7 Hidden Tricks] Windows 7 වල සැගවුණු රහස් Part 1 - Sinhalaversion

                     Windows 7 Hidden Tricks

දවස් වල හුගක් අය භාවිතා කරන මෙහෙයුම් පද්ධතියක් නේ Windows 8 කියන්නේ එත් windows 7 වල   සැගවුණු රහස් ගැන හැමෝම දන්නේ නැනේ .මම හිතුවා මේ ලිපියෙන් ඒ ගැන කියලා දෙන්න.මුලින්ම කියන්න ඕනේ Windows 8 , 8.1 මෙහෙයුම් පද්ධති තියෙන අය මාත් එක්ක තරහ වෙන්න එපා මම ඒ කට්ටියටත් ඉදිරියේදී ලිපියක් දෙනවා. හැබැයි ඒ කට්ටියටත් මේකේ සමහර දේවල් වැඩකරයි ඒ ගොල්ලොත් බලා ගත්තට පාඩු නැ.Windows  වල  හැමදේම එකේ පෙන්න තියෙන්නේ නැහැ.සමහර ඒවා අපි හොයාගන්න ඕනේ  ඕගොල්ලෝ දන්නවද ? ඕගොල්ලන්ගේ පරිගණකය සොෆ්ට්වෙයා නැතුව පරිගණකය කටහඩින් භාවිතා කල හැකි බව. මේක Windows 7 වලට විතරක් පොදු දෙයක් නෙමෙයි Windows 8 ,8.1 වලටත් වැඩ.මම මේ කියලා දෙන්න යන ඒවායින් එකක් විතරයි. එහෙනම් මම පහලින් එකින් එක විස්තර කරලා දාන්නම්කො ඕගොල්ලෝ බලා ගන්න.

1.සැගවුණු Themes

ඕගොල්ලෝ දන්නවද ? dekstop එකට right click කරලා personalize click කරහම එන themes දන්නවනේ මේකේ නැති themes තියෙනවා මම කියන්නං ඒවා unlock කරගන්න හැටි මුලින්ම windows files වලට යන්න එකේ ඇති winsxs කියලා folder එකක් එකට ගිහිල්ලා උඩින් තියෙන search bar එකේ මේක type කරන්න *.theme  දැන් බලන්නකෝ ඕගොල්ලෝ දැකලා නැති themes ටිකක් එයි active කරගන්න double click කරන්න




2. පරිගණකයේ නොපෙනෙන folders සැදීම .

දැන් කට්ටිය හිතයි folder එකේ properties අරගෙන hidden tick එක දාන එක කියලා දෙයි කියලා .මම කියලා දෙන්නේ එකනම් නෙමෙයි. මම කියලා දෙන්න යන්නේ folder එක පෙන්නේ නැ එත් එකෙන් වැඩ කරගන්න පුළුවන් දෙයක් ගැන එහෙනම් මුලින්ම folder එකක් කැමති තැනක හදා ගන්න ඊට පස්සේ start button එක click කරලා එකේ search bar එකේ type කරන්න character map කියලා ඊට පස්සේ character map එක open කරලා පහත තියෙන රූපේ විදිහට නොපෙනෙන අකුරක් select කරලා copy කරගන්න 


දැන් අර කලින් හදාගත්ත folder එක rename කරන්න ඊට පස්සේ එතෙන්ට අර copy කරගත්ත අකුර paste කරන්න දැන් හරි නේද ? දැන් ඒ folder එකේ properties අරගෙන customize අරගෙන change icon යන්න click කරලා නොපෙනෙන icon එකක් අරගෙන ok කරන්න දැන් folder එක පෙන්නේ නැහැවැඩේ හරි නේද ?



3.පරිගණකය කටහඩින් පාලනය කිරීම

පරිගණකයේ හුගක් දේවල් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි පරිගණකය කටහඩින් command දෙන එක. මේකට microphone එකක් තියෙන්න ඕනේ ඕගොල්ලන්ට පොඩි දෙයක් විතරයි මුලින්ම control panel එක open කරලා Ease Of Access open කරලා එකේ තියෙන  speech recognition කියන එකට click කරලා එකේ තියෙන   start speech recognition කියන එකට click කරන්න එතකොට පොඩි Tutorial එකක් දෙයි එකත් කරලා ඉවර වුනාට පස්සේ තමයි ඕගොල්ලන්ට අවස්ථාව ලැබෙන්නේ කටහඩින් පාලනය කරන්න. ඒ Tutorial  එක කරහම ඕගොල්ලන්ට තේරෙයි කොහොමද මේකෙන් වැඩ කරගන්නේ කියලා.






Share on Google Plus

0 comments: